"ලොනී, අර ටැක්සි කාරයා අපිව මෙතන දාලා ගියේ මොකද කියලාද හිතන්නේ? පෙනුනෙ නම් මිනිහා හරි හොදයි වගේ" ඩොරිස් කීවාය.
"මටත් තේරෙන් නෑ. ඒත් ජෝන් මට පාර හොදට කීවා. ඔහු ඉන්නේ "බ්‍රාස් එන්ඩ්" කියලා අතුරැ පාරක. ඒ පාර මැප් එකේ නෑ කියලත් ඔහු කීවා. " මෙසේ කියන අතර, ඔහු ඈ දැන් ජනශූණ්‍යව ගිය පාර පදික වේදිකාව දිගේ, ටෙලිෆෝන් පෙට්ටියෙන් සහ රෙස්ටුවරන්ටයෙන් ඉවතට රැගෙන ගියේය. ඔවුන් නැවතත් ක්‍රවුච් හිල් මාර්ගය දිගේ ගමන් කරන්නට පටන් ගත්හ. "අපි හිල්ෆීල්ඩ් මාවත පැත්තට, දකුණට හැරෙන්න ඕන. ඊට පස්සේ ඒකේ බාගයක් දුර ගිහින් ආයෙත් දකුණට... ආහ් වමටද... කොහොම හරි, "පෙට්‍රි" කියන පාරට වැටෙන්න ඕන. ඒ පාරෙ ගියාම, වම් පැත්තට හැරෙන දෙවන පාර තමා බ්‍රාස් එන්ඩ් කියන්නෙ."
"ඔය ඔක්කොම මතක තිබුනද?" ඩොරිස් ඇසුවාය.
"මම පට්ට මතකයක් තියන පොරක්" ලොනී ආස්‍යජනක අභීත පෙනුමක් මවාගෙන පැවසූ අතර, එයට ඩොරිස්ට සිනාසීමට සිදුවිය. ඕනෑම අසහනකාරී තත්වයකදී, එය දුරැ කර පෙන්වීමේ හැකියාවක් ලොනීට තිබිනි.